• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමන ලද විභාග පැවැත්වීමේ කාලසටහන
- 2021 වර්ෂයේදී කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 06කට පසුව පූර්ණ වශයෙන් 5 ශ්‍රේණියේ සිසු දරුවන් සඳහා 2021 ඔක්තෝබර් මස 25 දින පාසල් විවෘත කළ අතර, අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2021 නොවැම්බර් මස 08 දින සිට පාසල් විවෘත කිරීමට නියමිතව ඇත. ඒ අනුව, විභාග සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුව තිබේ. එම කරුණු සැලකිල්ලට ගෙන 2021 වර්ෂය සඳහා නියමිත විභාගයන් පැවැත්වීම පිණිස වන සංශෝධිත කාලසටහන් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලදුව, එකී කාලසටහන් සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ කරන ලදී:

* 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය
   2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා දින

* අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය
   2022 පෙබරවාරි මස 07 වන සඳුදා දින සිට 2022 මාර්තු මස 05 වන සෙනසුරාදා දින දක්වා

* අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය
   2022 මැයි මස 23 වන සඳුදා දින සිට 2022 ජුනි මස 01 වන බදාදා දින දක්වා