• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- බෝට්ටු සහ යාත්‍රා ආනයනය විධිමත් කිරීමේ අරමුණින් ඒවා ආනයන පාලන බලපත්‍ර ක්‍රමයට සහ බලපත්‍ර ගාස්තුවකට යටත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2021 ඔක්තෝබර් මස 12 දිනැති ගැසට් නිවේදනයේ පළ කර ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.