• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එප්පාවල, ගිරිබාව ජලසම්පාදන ව්‍යාපෘතිය
- එප්පාවල, රාජාංගනය, නොච්චියාගම සහ ගිරිබාව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය යට‍තේ වන රාජාංගනය - නොච්චියාගම ව්‍යාපෘති සංරචකය දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමටත්, එප්පාවල සහ ගිරිබාව ව්‍යාපෘති සංරචකය, M/s LR Group of Israel සහ SBI International Holding AG of Switzerland-JV විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව මත ක්‍රියාත්මක කිරීමටත් 2020 නොවැම්බර් මස 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි එප්පාවල සහ ගිරිබාව ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 162.66 මුදලකට M/s LR Group of Israel සහ SBI International Holding AG of Switzerland-JV වෙත පිරිනැමීම පිණිස ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.