• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
“වාරි සෞභාග්‍යා” වැඩසටහන යටතේ හඳුනාගත් ව්‍යාපෘති සඳහා අර්ධ රාජ්‍ය ආයතනයන් වෙතින් ඍජු සේවාවන් ලබා ගැනීම
- රටේ කෘෂි ආර්ථිකය වඩාත් ස්ථායී කිරීම හා එමඟින් ග්‍රාමීය ජන ජීවිතය ශක්තිමත් කිරීම සඳහා "වාරි සෞභාග්‍යා” වැඩසටහන යටතේ ග්‍රාමීය වැව්/අමුණු 5,000ක් පුනරුත්ථාපනය කිරීම මෙම වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, එම වැඩසටහන යටතේ 2021 වර්ෂය තුළ වැව්/අමුණු 1,000ක් පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආයතන වශයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහවැලි උපදේශක සේවා කාර්යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන කටයුතු කරනු ලබයි. "වාරි සෞභාග්‍යා" වැඩසටහන වසර තුනක කාලයක් තුළ නිම කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා රාජ්‍ය ආයතනවල මෙන්ම අර්ධ රාජ්‍ය ආයතනවල ද සේවය ලබා ගැනීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, "වාරි සෞභාග්‍යා" වැඩසටහන යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී රුපියල් මිලියන 50 දක්වා වන කොන්ත්‍රාත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම, මහවැලි උපදේශක සේවා කාර්යාංශය සහ මග නැගුම යන අර්ධ රාජ්‍ය ආයතන වෙත ද සෘජු කොන්ත්‍රාත් පැවරීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.