• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ගබඩා/ගොඩනැඟිලි ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීම
- සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ගබඩා/ගොඩනැඟිලි පරිශ්‍ර රාජ්‍ය ආයතනවලට මෙන්ම පෞද්ගලික අංශය සඳහා ද කුලී පදනම මත ලබා දී ඇත. එකී සංස්ථාවට අයත් තවදුරටත් ප්‍රයෝජනයට නොගෙන පවතින ගබඩා/ගොඩනැඟිලි පරිශ්‍ර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින්, කුලී පදනම මත කෙටිකාලීනව පෞද්ගලික ආයතන වෙත ලබා දීමට සතොස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනා කර තිබේ. ඒ අනුව, එකී ගබඩා/ගොඩනැඟිලි පරිශ්‍ර, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම පදනම් කරගෙන කුලී පදනම මත පෞද්ගලික ආයතන වෙත බදු දීමටත්, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ආයෝජන ව්‍යාපෘති සඳහා සුදුසු එවැනි ගබඩා/ගොඩනැඟිලි පරිශ්‍ර අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම මඟින් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමටත් වෙ‍ළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.