• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුලිබල කර්මාන්තය සම්බන්ධ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ
- 2030 වසර වන විට විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමත්, අනාගතයේදී නව ගල් අඟුරු බලාගාර ස්ථාපිත නොකිරීමත්, 2050 වන විට බලශක්ති උත්පාදනයේදී සිදු වන ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය කිරීමත් යන ප්‍රධාන ප්‍රතිපත්ති ඉලක්ක සඳහා 2021 සැප්තැම්බර් මස 13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එමෙන්ම, එකී අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විදුලිබල කර්මාන්තය සඳහා 'පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ' නිකුත් කිරීමටත්, එකී මාර්ගෝපදේශ අනුව 2022 - 2041 කාලසීමාවට අදාළ අවම පිරිවැය දිගුකාලීන ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කළ යුතු බවටත් එකී අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අනුව 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 5 වන වගන්තියේ විධිවිධාන පරිදි සකස් කරනු ලැබ ඇති 'විදුලිබල කර්මාන්තය සඳහා වූ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ' සඳහාත්, එකී මාර්ගෝපදේශ පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහාත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.