• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩියුක් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
- බැක්ටීරියාවක් හේතුවෙන් බෝවන මෙලියොයිඩෝසිස් රෝගය ලෝකයේ බොහෝ නිවර්තන කලාපීය ප්‍රදේශවල දක්නට ලැබේ. මෙරට තුළ එම රෝගය කලින් හඳුනාගැනීමට, ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට සහ එය පාලනය කිරීමට හැකි වන පරිදි පර්යේෂණ සහයෝගිතාවක් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩියුක් විශ්වවිද්‍යාලය අතර ඇති කර ගැනීමට යෝජනා වී ඇත. ඒ අනුව, යෝජිත පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර අනුපිරිනැමුම් ගිවිසුමකට සහ ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.