• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීම
- ණය සහනදායක මණ්ඩලය මඟින් ණය බරින් මිරිකී පීඩා විඳින තැනැත්තන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අපේක්ෂා කරනු ලබයි. එකී කාර්යය වඩාත් ඵලදායී අන්දමින් සිදු කිරීමට හැකිවන අයුරින් ණය සහනදායක ආඥාපනත වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ සඳහා, අධිකරණ ඇමතිතුමා විසින් පත් කරන ලද ණය සහනදායක ආඥාපනත සමාලෝචනය කිරීමේ උපදේශක කමිටුව විසින් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. එකී මූලික කෙටුම්පත මත පදනම්ව ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් ‍ෙකටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්, අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.