• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලය තුළ පෙට්‍රල් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- 2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලයක් තුළ පෙට්‍රල් (92 Unl) බැරල් 1,341,000 +10/- 5% ක් සහ පෙට්‍රල් (95 Unl) බැරල් 459,000 +10/- 5% ක් ආනයනය කිරීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.