• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලය තුළ ඩීසල් ආනයනය කිරීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- 2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500 +10/- 5% ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500 +10/- 5% ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි ලංසුකරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.