• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිකෙරෙන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම
- ආසියානු සංවර්ධන බැංකු දස අවුරුදු මුල්‍ය පහසුකම් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන “මහවැලි ජල සුරක්ෂිතතා සංවර්ධන වැඩසටහන” රජයේ මධ්‍යකාලීන සංවර්ධන ප්‍රවේශය යටතේ වාරි හා පානීය ජල ක්ෂේත්‍රයේ ප්‍රධානතම ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. ඇ‍ෙමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 966ක මුදලක් එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය යටතේ උතුරු, උතුරු මැද, වයඹ හා මධ්‍යම පළාත්වල උග්‍ර පානීය හා වාරි ජල අවශ්‍යතා සපුරාලීම පිණිස උතුරු මැද මහ ඇළ, වයඹ මහ ඇළ, මිනිපේ මහ ඇළ සහ මීගහකිරුළ, මහකිතුල යන ගබඩා ජලාශ පද්ධති ඉදිකිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතී. ඒ අනුව, ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින උතුරු මැද පළාත් මහ ඇළ අදියර 1 සහ අදියර 2 ඉදිකිරිම් මඟින් මොරගහකන්ද හා කළුගඟ ජලාශවල ගබඩා කෙරෙන අතිරික්ත ජලය උතුරු හා උතුරු මැද පළාත්වල දෙකන්නය වගා කිරීමට හැකියාව පවතින වාරි ඉඩම් හෙක්ටයාර 73,800ක් සඳහා යොදා ගැනීමට මෙන්ම, පවුල් 250,000ක් සඳහා පානීය ජලය සැපයීමටත් අපේක්ෂා කරනු ලබයි. රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්ති තීරණයක් අනුව වසර 06කින් නිම කිරීමට සැලසුම් කර තිබූ අදාළ ඉදි කිරීම් කටයුතු වසර 04ක් ඇතුළත එනම් 2025 වන විට නිම කිරීමට සැලසුම් කර ඇත. ඊට අනුරූපව අදාළ කොන්ත්‍රාත්තුව සංශෝධනය කරමින් එකී ඉදිකිරීම් කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.