• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ටයර් ප්‍රසම්පාදනය කිරීම
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික අවශ්‍යතාව වන නව නිෂ්පාදිත ටයර් කට්ටල 21,600ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස විවෘත තරගකාරි ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 02ක් ඉදිරිපත් වී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන සීමාසහිත සියැට් - කැලණි ජාත්‍යන්තර ටයර් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.