• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය
- මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල එකඟතාව පළ කර ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය සඳහා කුවේට් ඩිනාර් මිලියන 10ක (ආසන්න වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 33.2) ලබා ගැනීම සඳහා අදාළ ගිවිසුමට එළඹීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.