• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත හෝමාගම, පිටිපන ප්‍රදේශයෙන් බිම් කොටසක් ලබා දීම
- විද්‍යා, තාක්ෂණ හා ඊට සම්බන්ධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයෙන් අක්කර 220ක භූමි ප්‍රමාණයක් අත් කර ගෙන තිබේ. මේ වන විට එම ඉඩමෙන් විවිධ ව්‍යාපෘති සඳහා ඉඩම් කොටස් වෙන් කර දී ඇති අතර ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ඉදි කිරීම සඳහා එවකට පැවති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වෙත ද එකී ඉඩමෙන් අක්කර 13ක ඉඩම් කොටසක් වෙන් කර ඇති නමුත්, එම උද්‍යානය ඉදිකිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ වී නොමැත. ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින පූර්ණ රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, එම කාර්යය සඳහා ඉහත සඳහන් ඉඩම් කොටස වෙන් කර දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.