• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ආහාර බෝග අවශ්‍යතාව, පරිභෝජනය හා සුලභතාවය
- දේශීය ආහාර නිෂ්පාදනයේ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ මැදිහත්වීමෙන් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ආහාර සහ ‍බෝග නිෂ්පාදන සම්බන්ධ කෘෂි, පශු හා ධීවර අංශවලට අදාළ අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල දායකත්වයෙන් ආහාර බෝග අවශ්‍යතාව, පරිභෝජනය හා සුලභතාවය පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයන වාර්තාවක් සකස් කර ඇත. වී, ධාන්‍ය ඇතුළු රනිල බෝග, එළවළු, පලතුරු සහ පොල් වැනි වගාවන්, මත්ස්‍ය හා සත්ත්ව නිෂ්පාදන වැනි මූලික ආහාර කාණ්ඩ ඇතුළත්ව සකස් කර ඇති මෙම වාර්තාව අධ්‍යයනය කර, එහි මඟපෙන්වීම අනුව 2022 - 2024 කාලසීමාව සඳහා ආහාර බෝග ඉලක්ක ඇතුළත් ක්‍රියාත්මක සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම පිණිස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු සහ ප්‍රාදේශීය ජීවනෝපාය කමිටු සභාපතිවරුන් වෙතත්, දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතත් අවශ්‍ය උපදෙස්, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය විසින් නිකුත් කර ඇත. එකී වැඩසටහන පිළිබඳව මුදල් ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලද අතර, සැලසුම් කර ඇති පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ කරන ලදී.