• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උඩරට විවාහ සහ දික්කසාද පනත සඳහා සංශෝධන කිරීම
- 1997 අංක 12 දරන විවාහය ලියාපදිංචි කිරීමේ (සංශෝධන පනත) මඟින් විවාහය ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 22 වන වගන්තිය සංශෝධනය කරන ලද අතර, ඒ අනුව, බාල වයස්කරුවන්ගේ විවාහය සඳහා මා පිය කැමැත්ත අවශ්‍ය බවට නියම කර ඇත. ගුණරත්නම් එරෙහිව රෙජිස්ට්‍රාර් ජනරාල් නඩුවේ තීන්දුව අනුව වයස අවුරුදු 18ට අඩු පාර්ශ්වයකට ශ්‍රී ලංකාවේ වලංගු විවාහයකට ගිවිස ගැනීමට හැකියාවක් නොමැත. එවැනි විවාහයක් සඳහා මා පිය අවසරය හෝ කැමැත්ත තිබීම නීතිය ඉදිරියේදී වලංගු නොවේ. එකී නඩු තීන්දුවට අනුව නිසි බලධරයෙකුගේ එකඟතාව සහිතව බාල වයස්කරුවකුගේ විවාහයට බලය ලබා දෙන නීතිවල අදාළ වගන්ති පරිච්ඡින්න කළ යුතුව ති‍ෙබ්. ඒ අනුව, දැනටමත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස පියවර ගෙන ඇති අතර, ඊට සමගාමීව උඩරට විවාහ සහ දික්කසාද පනතේ අදාළ අනනුකූලතාවයන් ඉවත් කිරීම සඳහාත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහාත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.