• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම
- නොතාරිස් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2021 ජුලි මස 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. එකී සංශෝධනයන්ට අනුකූලව කටයුතු කිරීම පිණිස ඊට සමගාමීව වංචා වැළැක්වීමේ ආඥාපනතේ දෙවන වගන්තියට අනුෂාංගික සංශෝධනයක් සිදු කළ යුතු බවත්, 4 සහ 7 වන වගන්ති ද සංශෝධනය කළ යුතු බවත් හඳුනාගෙන ඇත. ඒ අනුව, වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.