• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තර්ජනයට ලක්වූ වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙ‍ෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හා විධිමත් කිරීම සඳහා වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සංශෝධනය කිරීම
- තර්ජනයට ලක් වූ වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව 1979 මැසි මස 04 දින එම සම්මුතියට අත්සන් තබා තිබේ. එම සම්මුතියේ විධිවිධාන දේශීය වශයෙන් බලගැන්වීමට හැකි වන පරිදි 2009 අංක 22 දරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සංශෝධනය කිරීම පිණිස 2016 සැප්තැම්බර් 06 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද සංශෝධිත පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.