• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2008 අංක 36 දරන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීම
- නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ කර්තව්‍යයන් නිසි ලෙස ඉටු කිරීමට හැකි වන අයුරින් 2008 අංක 36 දරන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා 2019 පෙබරවාරි මස 05 දින අනුමැතිය ලබා දී ඇත. එම අධිකාරියේ කටයුතු වඩාත් විධිමත්ව පවත්වා ගෙන යාම සඳහා එකී පනත සඳහා සිදු කළ යුතු තවත් සංශෝධන කිහිපයක් පසුව හඳුනාගනු ලැබ ඇත. එකී සංශෝධනද ඇතුළත් කරමින් 2008 අංක 36 දරන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.