• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 නිරිත දිග මෝසම් සුළං කාලය තුළ ලංකා නැව් සංස්ථාවේ නාවික යාත්‍රා සේවයේ යෙදවීම
- සීමාසහිත ලංකා නැව් සංස්ථාවට හිමි Mv.Ceylon Breeze සහ Mv. Ceylon Princess යන යාත්‍රා දෙක 2021/2022 නිරිත දිග මෝසම් කාලය (අප්‍රේල් මැද සිට සැප්තැම්බර් මැද දක්වා කාලසීමාව) තුළ සේවයේ යෙදවීම සඳහා සුදුසු නැව් කුලියට ගන්නෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර හා දේශීය "නැව් කුලියට ගන්නන්" සහ "වාණිජ කළමනාකරණ සමාගම්" වෙතින් අභිලාෂය ප්‍රකාශ කිරීම් කැඳවා ඇත. මෙම ප්‍රසම්පාදනය සඳහා ආයතන 04ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි Mv.Ceylon Breeze සහ Mv. Ceylon Princess යන යාත්‍රා දෙකෙහි වාණිජ කළමනාකාරිත්ව කොන්ත්‍රාත්තුව M/s Wallem Shipping (Singapore) Pvt. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.