• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහමෝදර මාතෘ රෝහල නැවත ඉදිකිරීම
- මහමෝදර මාතෘ රෝහල් ව්‍යාපෘතිය මූල්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජර්මනියේ KfW බැංකුව අතර යුරෝ මිලියන 28ක ණය ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ඉන් අනතුරුව, එම ව්‍යාපෘතිය සඳහා තවත් යුරෝ මිලියන 13ක පරිපූරක ණය මුදලක් ලබා ගැනීම සඳහා එම බැංකුව සමඟ අතිරේක ණය ගිවිසුමකට එළඹ ඇත. එම ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිම කිරීමට හැකි වනු පිණිස පසුව ලබා ගෙන ඇති යුරෝ මිලියන 13ක පරිපූරක ණය මුදල ප්‍රදානයක් බවට පරිවර්තනය කිරීම සඳහා ජර්මන් රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ ප්‍රදාන ගිවිසුමට එළඹීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පැවරීමට මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.