• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 මූල්‍ය වර්ෂයේ අයවැය විවාදය සඳහා වූ වැඩසටහන
- 2022 මූල්‍ය වර්ෂයට අදාළව අයවැය විවාදය සඳහා වන වැඩසටහන පහත පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවට ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

* 2021 නොවැම්බර් මස 12 වන දින අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අයවැය විවාදය ආරම්භ කර 2021 නොවැම්බර් මස 22 දින දක්වා එකී විවාදය පැවැත්වීම.

* අයවැය කාරක සභා අවස්ථා විවාදය 2021 නොවැම්බර් මස 23 වන දින ආරම්භ කර 2021 දෙසැම්බර් මස 10 වන දින දක්වා පැවැත්වීම.

* අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම 2021 දෙසැම්බර් මස 10 වන දින පස්වරු 5.00ට පැවැත්වීම.