• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම
- සිතාසි නිකුත් කිරීම සහ භාර දීම පිළිබඳව දැනට පවතින විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධිකරණ ඇමතිතුමා විසින් පත් කරනු ලැබ ඇති සිවිල් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර නඩුවක පාර්ශ්වකරුවන් වෙත සිතාසි යැවීමේදී ඊමේල් සහ ජංගම දුරකථන පණිවුඩ වැනි වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන සන්නිවේදන ක්‍රම යොදා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ අනුව, එකී කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සංශෝධනයන් ඇතුළත් කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම පිණිස සංශෝධිත පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.