• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ අවම වයස නීතිගත කිරීම
- පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2021 මාර්තු මස 23 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, සකස් කරන ලද මූලික කෙටුම්පත අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා ‍නෛතික කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීමේ කමිටුවේදී අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගිත්වය ඇතිව තවදුරටත් සාකච්ඡා කර ඇත. එම කමිටුවේදී එළඹි එකඟතාව පරිදි යෝජිත පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත්, පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමටත් හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කරනු ලැබ ඇති පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.