• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම
- ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව හඳුනාගැනීම සඳහා නිර්ණායකයන් හෝ ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් පැන නැඟී ඇති ගැටලු සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකීය සංස්කෘතික අනන්‍යතාව තහවුරු කෙරෙන ස්පර්ශනීය (Tangible) මෙන්ම අස්පර්ශනීය (Intangible) ජාතික උරුම හඳුනාගැනීම සඳහා මහජන අදහස් ද විමසා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස අදාළ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන්/ විද්වතුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කිරීම පිණිස 2021 නොවැම්බර් මස 16 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. එම තීරණය ප්‍රකාරව පත් කරන ලද කමිටුව විසින් සිය වාර්තාව ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලාංකිකයන් සතු ජාතික උරුමයන් හඳුනාගැනීම, ලේඛනගත කිරිම, ප්‍රකාශයට පත් කිරීම, අභිරක්ෂණය, නියාමනය, අත්පත් කර ගැනීම, පර්යේෂණ පැවැත්වීම ආදී කටයුතු නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා මධ්‍යගත ස්වාධීන ආයතන ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව එමඟින් පෙන්වා දී තිබේ. ඒ අනුව, එකී කමිටුවේ නිර්දේශ පරිදි ඉදිරි කටයුතු කිරීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.