• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත
- තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිපදවන අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීමට පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2020 සැප්තැම්බර් 21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදි. ඒ අනුව, නිති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.