• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම
- ඉඩමක සම අයිතිකරු‍වන්ගේ අදාළ ‍අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් අනවශ්‍ය ප්‍රමාදයන් හා ව්‍යාකූලතාවන් වැළැකෙන අයුරින් වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම සඳහා බෙදුම් නඩු නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා විසින් පත් කරනු ලැබ ඇති බෙදුම් නඩු නීති පිළිබඳ උපදේශක කමිටුවේ නිර්දේශ පදනම් කරගෙන දැනට පවතින බෙදුම් නඩු පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.