• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු ජනරජයේ ආධාර යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක සුහුරු පන්ති කාමර සහ නවීන පරිගණක විද්‍යාගාර ඉදිකිරීම
- දිනෙන් දින පුළුල් වන ඩිජිටල් තාක්ෂණික පරතරයන් අවම කිරීමේ සහ නවීන තාක්ෂණික අංග සහිත ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සඳහා දරුවන්ට සාධාරණ ප්‍රවේශයක් ලබා දීමේ කාලීන අවශ්‍යතාව හඳුනාගෙන, "ඉහළ බලපෑමක් සහිත ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම" සම්බන්ධයෙන් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමෙහි මග පෙන්වීම පරිදි ගාල්ල දිස්ක්‍රික්කයේ පාසල් 200ක් සඳහා සුහුරු පංති කාමර සහ නවීන පරිගණක විද්‍යාගාර ඉදිකිරීම පිණිස ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ මූල්‍ය ප්‍රදානය ලබා ගැනීම සඳහා ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.