• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ගමට සන්නිවේදනය' ජාතික ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 2019 වර්ෂයේදී දියත් කරන ලද 'ගමට සන්නිවේදනය' ව්‍යාපෘතිය මඟින් අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයේ ඌනතාව පිළිබඳව සමීක්ෂණයක් දිස්ත්‍රික්ක 25 තුළ ග්‍රාම නිලධාරි වසම් 14,000ක් ආවරණය කරමින් පවත්වා ඇත. එහි ප්‍රතිඵල මත පදනම්ව, එම කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ සේවා සපයන්නන් සමඟ එක්ව රත්නපුර දිස්ත්‍රික්කය අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවෙන් ආවරණය කිරීම පිණිස ආරම්භ කරනු ලැබ ඇති ව්‍යාපෘතිය 2021 ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිතය. ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් අධිවේගී අන්තර්ජාල සේවාව මගින් සමස්ත දිවයිනම ආවරණය කළ හැකි වන පරිදි එකී ව්‍යාපෘතිය ජාතික ව්‍යාපෘතියක් ලෙස පුළුල් කිරීමට රජය විසින් මේ වන විට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය අරමුදල් විදුලි සංදේශ සංවර්ධන අරමුදලින් සලසා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.