• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ නවසීලන්තයේ මාසි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
- දෙපාර්ශ්වය අතර උසස් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ අන්‍යොන්‍ය සහයෝගිතාව සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ නවසීලන්තයේ මාසි විශ්වවිද්‍යාලය අතර වසර 05ක කාලයක් සඳහා වූ අවබෝධතා ගිවිසුමකට 2012 අගෝස්තු මස 12 දින එළැඹී ඇත. එකී කාල සීමාව අවසන් වීමෙන් අනතුරුව, එම අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන නොමැත. දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා අනුව 2021 අගෝස්තු මස 21 දින සිට නැවත වසර පහක (05) කාලයකට එකී අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම සඳහා එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.