• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම
- නඩු කටයුතු කඩිනම් කිරීම සහ නඩු විනිශ්චය කිරීමේදී ගත වන කාලය අවම කිරීම සඳහා 2017 අංක 8 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතින් "පූර්ව නඩු විභාග ක්‍රියාවලිය" පිළිබඳ නව විධිවිධාන සිවිල් නඩු විධාන සංග්‍රහයට 2017 වර්ෂයේදී හඳුන්වා දී ඇතත්, එකී සංශෝධනයන් මඟින් අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැත. එබැවින්, එම කාර්යය නිසි පරිදි ඉටු කිරීමට හැකි වන අයුරින් "පූර්ව නඩු විභාග ක්‍රියාවලිය" සඳහා තවදුරටත් සංශෝධන හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, පූර්ව නඩු විභාග සහ කුඩා හිමිකම් අධිකරණය ස්ථාපිත කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යතුමා විසින් පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශය පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහාත්, ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක මඟින් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහාත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.