• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙළෙඳපොළේ පවතින සහල් හිඟය
- දැනට දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්ෂිත සහල් තොගයක් රජය භාරයේ පවත්වාගෙන යාමටත් හැකි වන පරිදි වහාම සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. එසේම, දැනට පනවා ඇති සහල් සඳහා වන උපරිම මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ද තීරණය කරන ලදී.