• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදු පදනම මත ලබාදෙන පරිශ්‍රයක සන්තකය ආපසු ලබාගැනී‍මේ (විශේෂ විධිවිධාන) පනත
- පරිශ්‍රයක් කුලී පදනම මත ලබා දීම, කුලී පදනම මත ලබා දෙන පරිශ්‍රය සංවර්ධනය කිරීම සහ එමඟින් රටේ ආර්ථිකයට ඇතිවන බලපෑම වැනි කරුණු සැලකිල්ලට ගෙන, බදු පදනම මත ලබා දෙන පරිශ්‍රයන්ගේ සන්තකය කඩිනමින් ආපසු ලබා ගැනීම සඳහා නව නීති පැනවීම පිණිස වන මූලික කෙටුම්පතක් අධිකරණ අමාත්‍යතුමා විසින් පත් කරන ලද ගෙවල්කුලී නීති උපදේශක කමිටුව විසින් පිළියෙල කර ඇත. යෝජිත නව නීතිය පැනවීමෙන් විධිමත් කාර්යපටිපාටියක් යටතේ සාමාන්‍ය කුලී සහ නෙරපීම් නඩු කටයුතුවලදී ඇති වන නීතියේ ප්‍රමාදයන් මැඩපවත්වමින් කෙටි කාලයක් තුළදී බදු දීමනාකරුට සහන සැලසීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.