• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම
- සුවිශේෂිත අවස්ථානුගත කරුණු පවතින අවස්ථාවන්වලදී රිමාන්ඩ් භාරයට පත් කිරීම සම්බන්ධ නියෝගයක් දීර්ඝ කිරීමේ අරමුණින් යම් සැකකරුවෙකු හෝ චූදිතයෙකු මහේස්ත්‍රාත්වරයා හමුවට පෞද්ගලිකවම ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන පරිදි කාර්ය පටිපාටියක් ඇතුළත් කිරීම සඳහා 144අ වගන්තියට සහ යම් නඩු විභාගයක් මහාධිකරණය හමුවේ පවතින්නේ නම් හෝ ආරම්භ කර ඇත්තේ යම් චූදිතයෙකුට එරෙහිව ද එම චූදිතයා මහාධිකරණ විනිසුරුවරයා හමුවට පෞද්ගලිකවම ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන කාර්ය පටිපාටියක් ඇතුළත් කිරීම සඳහා 241අ වගන්තියට නව විධිවිධාන හඳුන්වා දීම පිණිස 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2020 සැප්තැම්බර් මස 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.