• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම
- සුළු හිමිකම් අධිකරණ සම්බන්ධයෙන් විශේෂ කාර්ය පටිපාටියක් හඳුන්වා දීමත් සමඟම ඒ සඳහා විධිවිධාන සලසන සිවිල් නඩු විධාන සංග්‍රහයේ LXVI වන පරිච්ඡේදය පරිච්ඡින්න කිරීම සඳහා ආනුශංගික සංශෝධනයක් කළ යුතු බව හඳුනාගෙන ඇත. ඒ අනුව, සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට සහ ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.