• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1990 අංක 19 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
- සුළු හිමිකම් අධිකරණ සම්බන්ධයෙන් විශේෂ කාර්ය පටිපාටියක් හඳුන්වා දීම සඳහා විධිවිධාන සැලසීම පිණිස නව නීතියක් සම්පාදනය කිරීමටත්, සුළු හිමිකම් අධිකරණයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමටත්, 2021 ජුනි මස 14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එකී නව නීතිය සහ යෝජිත සංශෝධනය අනුව කටයුතු කිරීමට හැකි වනු පිණිස 1990 අංක 19 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනතේ සඳහන් ප්‍රාථමික අධිකරණ ලැයිස්තුවට සුළු හිමිකම් අධිකරණ ඇතුළත් කිරීම සඳහා එකී පනතේ 5(අ) වගන්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීමට සහ ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.