• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාබනික පොහොර හා ස්වාභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක නිෂ්පාදන හා සැපයුම්
- 2021 මැයි 31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 2021/2022 මහ කන්නය' සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම් විසින් ආනයනය කිරීමටත්, අනෙකුත් බෝග සඳහා බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් අවශ්‍ය කාබනික පොහොර තොග ආනයනය කර තරගකාරී මිල ගණන් මත ගොවීන් වෙත ලබා දීමටත් අවශ්‍ය විධිවිධාන සලසා ඇත. අනෙකුත් බෝග වගා කරනු ලබන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර තොග ප්‍රමාදයකින් තොරව තරගකාරී මිල ගණන් යටතේ සැපයීමට හැකි වන පරිදි රජයේ පොහොර සමාගම් දෙක විසින් ද අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කෙරෙන කාබනික පොහොර තොග ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.