• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වෙහෙරගොඩ වත්ත නැමති ඉඩම ශ්‍රී ජිනරතන අධ්‍යාපනික ආයතනය වෙත කෘෂිකාර්මික වෘත්තීය පුහුණු කටයුතු සඳහා බදු පදනම මත ලබා දීම
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වෙහෙරගොඩ වත්ත නැමති අක්කර 131 රූඩ් 2 පර්චස් 29ක් වූ ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇත. නිසි නඩත්තුවකින් තොර නිසරු පොල් වගාවකින් යුත් මෙම ඉඩම කෘෂිකාර්මික වෘත්තීය පුහුණු කටයුතු සඳහා යොදා ගැනීම පිණිස ලබා දෙන ලෙස ශ්‍රී ජිනරතන අධ්‍යාපනික ආයතන පාලක සභාව විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, එකී ඉඩම වසර 30ක කාලයක් සඳහා ශ්‍රී ජිනරතන අධ්‍යාපනික ආයතන පාලක සභාව වෙත බදු පදනම මත ලබා දීම පිණිස ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.