• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන්කර දීම
- ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු ක‍ර ගෙන ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහනකි. ඒ සඳහා ආයෝජකයින් තෝරා ගැනීම 1990 අංක 40 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත යටතේ පිහිටුවා ඇති 'ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව' සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කර ඇති 'අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව' විසින් ව්‍යාපෘති යෝජනා පූර්ණ ඇගයීමකින් අනතුරුව සිදු කරනු ලැබේ. ඒ අනුව, ඉහත කමිටු විසින් ව්‍යාපෘති යෝජනා 24ක් අධ්‍යයනය කර එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්තපුර 10කින් ඉඩම් කොටස් වෙන් කර දීම නිර්දේශ කරනු ලැබ ඇත. එකී නිර්දේශ පරිදි අදාළ ආයෝජකයින් වෙත වසර 35ක දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.