• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සඳහිරුසෑය ස්තූපයේ නඩත්තු කටයුතු සහ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා භාරකාර මණ්ඩලයක් පිහිටුවීම
- තිස් වසරකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීමේදී දිවි දුන් රණවිරුවන් සහ සිවිල් ජනයා සිහි කිරීම පිණිස සහ ඔවුන්ට පින් පැමිණවීම පිණිස අඩි 282ක් හා අඟල් 6 ක උසකින් යුත් සඳහිරුසෑය ස්තූපය ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ අනුරාධපුර පූජා භූමියේ ඉදි කෙරෙමින් පවතී. මෙම ස්තූපයේ ඉදි කිරීම් කටයුතු අවසන් වීමෙන් අනතුරුව එහි නඩත්තු කටයුතු හා පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා භාරකාර මණ්ඩලයක් පත් කිරීමටත්, එම ස්තූපය වෙනුවෙන් දෙස් විදෙස් බැතිමතුන් විසින් පිරිනමනු ලබන පරිත්‍යාගයන් රැස් කිරීම හා පවත්වාගෙන යාම සඳහා භාරයක් පිහිටුවීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.