• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍යතාන්ත්‍රික, විශේෂ සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බහරේන් රාජධානිය අතර එළඹෙනු ලබන ගිවිසුම
- රාජ්‍යතාන්ත්‍රික, විශේෂ සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බහරේන් රාජධානිය අතර ගිවිසුමකට එළඹීම පිණිස 2019 මැයි මස 07 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. එහෙත් ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට නියමිත කාල සීමාව තුළදී හැකි වී නොමැත. එබැවින්, දෙරට අතර එකී ගිවිසුමට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.