• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 අංක 7 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම
- 2020 අංක 7 දරන විසර්ජන පනත මඟින් 2021 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 2,997ක ණය සීමාවක් සඳහා අනුමැතිය ලබා දී ඇත. එහෙත්, කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය යටතේ රජයේ ආදායම අඩුවීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් මෙන්ම ආදායම් අහිමි වූවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂණය කිරීම, සිය ආදායමෙන් වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම අහිමි වීම හේතුවෙන් වැටුප් හා අනෙකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා දීමට සිදු විම ඇතුළුව වෙනත් ක්ෂේත්‍රයන් කිහිපයකම වියදම් වැඩි වීම හේතුවෙන් 2021 වර්ෂය සඳහා වන අනුමත ණය සීමාව ඉහළ දැමීමට සිදුව ඇත. ඒ අනුව, 2020 අංක 7 දරන විසර්ජන පනත මඟින් අනුමත රුපියල් බිලියන 2,997ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400කින් වැඩි කරමින් රුපියල් බිලියන 3,397ක් වශයෙන් සංශෝධනය කිරීමටත්, ඒ සඳහා එකී විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.