• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'යෞවනයේ බලාපොරොත්තුව - Hope for Youth' - ජාතික තරුණ සංවර්ධන වැඩසටහන
- ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 15-29ත් අතර වන සමස්ත තරුණ ජනගහනය 23.2%ක් වන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් මිලියන 5.6ක් පමණ වේ. එම තරුණ ජනගහනය මෙරට සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ අරමුණින් ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ඔවුන්ගේ අපේක්ෂාවන්ට ආමන්ත්‍රණය කිරීමට හැකි වන පරිදි 'යෞවනයේ බලාපොරොත්තුව - Hope for Youth' යනුවෙන් ජාතික තරුණ සංවර්ධන වැඩසටහනක් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. දැනට, 28% ක්ව පවතින තරුණ තරුණියන්ගේ විරැකියාව 12% දක්වා අඩු කිරීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව, 2019 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ 'යොවුන්පුරය' වැඩසටහන වෙනුවට 2021 වර්ෂයේ සිට 'යෞවනයේ බලාපොරොත්තුව - Hope for Youth' වැඩසටහන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ඉලක්ක කර ගනිමින් ජාතික තරුණ සේවා සභාව හරහා ක්‍රියාත්මක කිරීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.