• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 15, අලුත් මාවතේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ඉඩම් කොටසක් සීමාසහිත ලංකා නැව් සංස්ථාව වෙත පැවරීම
- සීමාසහිත ලංකා නැව් සංස්ථාව විසින් 1979 වර්ෂයේදී එවකට රජයේ තක්සේරු මුදල වරාය කොමිෂන් සභාව වෙත ගෙවා කොළඹ 15, අලුත් මාවත, 18 වන පටුම‍ගෙහි පිහිටි වරාය අධිකාරියට අයත් ඉඩම් කොටසක් ලබා ගෙන ඇත. එම භූමියෙහි 1982 වසරේදී සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වියදමින් බද්ධ නිවාස 05ක් ඉදිකර ඇති අතර ඉන් නිවාස 03ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාවිතයට ද ඉතිරි බද්ධ නිවාස 02 ලංකා නැව් සංස්ථාව විසින් ද භාවිත කර ඇත. සීමාසහිත ලංකා නැව් සංස්ථාව විසින් එකී ඉඩම් කොටස සඳහා රජයේ තක්සේරු වටිනාකම ගෙවනු ලැබුව ද එහි අයිතිය මෙතෙක් නෛතිකව පවරා දී නොමැත. ඒ අනුව, පර්චස් 29.53ක් වන අදාළ ඉඩම් කොටස සීමාසහිත ලංකා නැව් සංස්ථාව වෙත පවරා දීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.