• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය
- කලාපීය වාණිජ වරායක් වශයෙන් පවත්වාගෙන යාමට හැකි වන පරිදි "සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක්" යන තේමාව යටතේ ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වශයෙන් සාම්ප්‍රදායික සේවාවන්ට සීමා නොපනවමින්, පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ශනය කර ගනිමින් ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වරාය නාවික අමාත්‍යාංශය විසින් සැලැසුම් කර ඇත. ඒ අනුව, යෝජිත පරිදි එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.