• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතාවය සඳහා වූ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වන අවබෝධතා ගිවිසුම යටතේ වර්ෂ 2022 - 2024 කාල සීමාව සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම
- කෘෂිකාර්මික සහයෝගිතාව අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව සහ වියට්නාමය 2006 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. එකී ගිවිසුමේ විධිවිධාන පරිදි වියට්නාමයේ කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහ‍යෝගිතා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය විසින් දෙපාර්ශ්වයේ එකඟතාව මත ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ අනුව, 2010-2011 වර්ෂයන් සහ 2017-2019 වර්ෂයන් සඳහා ක්‍රියාකාරී සැලසුම් සකස් කර ක්‍රියාවට නංවා ඇත. දෙරට අතර කෘෂිකාර්මික සහයෝගිතාවයේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, දෙපාර්ශ්වයේ එකඟතාව මත 2022-2024 කාලසීමාව සඳහා ද නව ක්‍රියාකාරි සැලැස්මක් පිළියෙල කර තිබේ. ඒ අනුව, එම ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා වන එකඟතාවට අත්සන් තැබීමටත් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.