• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිසර දූෂණය පාලනය කිරීම පිණිස ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීම
- බාසල් සම්මුතිය මඟින් ආවරණය කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යපෘති යෝජනා දෙකක් සහ මිනමාටා සම්මුතිය මඟින් ආවරණය කෙරෙන රසදිය කළමනාකරණයට අදාළ මාර්ගෝපදේශ සම්පාදනය හා දැනුම්වත් කිරීම සඳහා වන ව්‍යාපෘති යෝජනා දෙකක් වශයෙන් පරිසර දූෂණය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ව්‍යාපෘති 04ක් 2021 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රදාන අරමුදල් ලබා දීමට සංවර්ධන සහයෝගිතාව සඳහා වූ නෝර්වීජීයානු ඒජන්සිය, මිනමාටා සම්මුතියට අයත් විශේෂිත ජාත්‍යන්තර වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන සහ ස්විස්ටර්ලන්ත රජය හා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය යන ආයතන විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා වන අදාළ ගිවිසුම්වලට එළඹීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.