• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ්-19 උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාරය වැඩසටහන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණයක් ලබා ගැනීම
- කොවිඩ්-19 සඳහා වූ ජාතික යෙදවීමේ හා එන්නත් සැලැස්මේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60% ක් එන්නත් කිරීමේ මූලික ඉලක්කය පුළුල් කිරීමට කොවිඩ් කළමනාකරණය සඳහා වූ ජාතික කාර්යසාධක බලකාය විසින් තීරණය කර ඇත. ඒ සඳහා කොවිඩ්-19 උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාරය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇ‍මෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ. එම අතිරේක ණය මුදල, ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට සහ එන්නත් ලබා දීමේ කාර්යයන්ට අදාළ අනෙකුත් පිරිවැය මූල්‍යයනය කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව, අදාළ අතිරේක මූල්‍යයන පහසුකම ලබා ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.