• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදිරි විනිමය ගිවිසුම තුළින් වෙළෙඳපොලේ තරඟකාරිත්වයක් ඇති කරමින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ස්ථාවර කිරීමේ වැඩසටහන
- ඉදිරි විනිමය ගිවිසුම් මත ස්ථාවර මිල ගණන් යටතේ ලංකා සතොස සමාගම වෙත අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2021-04-27 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. එම වැඩසටහන යටතේ මාස තුනක (03) කාලයක් සඳහා ඉදිරි විනිමය ගිවිසුම් හරහා තෝරාගත් සැපයුම්කරුවන් සමඟ එකඟතා ඇති කර ගනු ලබයි. එම වැඩසටහනෙහි තෙවන අදියර ඉදිරි මාස තුනක කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රසිද්ධ දැන්වීම් පළ කර සැපයුම්කරුවන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත. ඒ අනුව, ලැබී ඇති අභිලාෂ ප්‍රකාශ කිරීම් මඟින් තෝරාගත් සැපයුම්කරුවන් සමඟ අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.