• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර, මාදිවෙල 'කොළඹ කුරුළු උද්‍යාන' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ජයවර්ධනපුර, මාදිවෙල පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 37 රූඩ් 01 පර්චස් 20.44ක ඉඩම් කොටසක සැලසුම් කිරීම, මූල්‍යයනය, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම යන පදනම මත කුරුළු උද්‍යාන ව්‍යාපෘතියක් සහ ඒ ආශ්‍රිත අපරව්‍යුහ පහසුකම් ක්‍රියාත්මක කිරීම සඳහා තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ යෝජනා කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව විසින් කලම්බු බර්ඩ් පාර්ක් (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව නිර්දේශ කර තිබේ. එකී නිර්දේශය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇත. ඒ අනුව, අදාළ ඉඩම් කොටස වසර 30ක කාලසීමාවක් සඳහා කලම්බු බර්ඩ් පාර්ක් (පෞද්ගලික) සමාගම වෙත බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.